කිසිම තේරුමක් නැති මාතෘකාවක් මේක. මීට වඩා දහසක් ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනව. ඒත් මානව පරිණාමය ගැන කියවල තියෙන දේවල් වගෙම අහල තියෙන දේවල් බැලුවම මට හිතෙන දේකුත් තියෙනව. මිනිසා කියන්නෙ මනසින් උසස් කියන එකනෙ නේද? ඒ නිසා එහෙම මනසක් තියෙන අය මේ ගැන මෙතන කතා කරන්න.

මේ පරිණාමය කියන්නෙ ඇත්තම සීන් එකක්ද?
නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙන්නෙ මොනවද ඒ ගැන? මිනිසා වානරයාගෙන් පැවත
එනව කියන්නෙ මොන හේතු නිසාද? ඒ කියන දේවල් ගැන විද්‍යාඥයින් අතරවත් එකම
තීරණයක් නෑ නේද?
"දැන් එතකොට නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙන්නෙ අහවල් කෙංගෙඩියක්ද? කියල මගෙන් අහන්න එපා. ඒ මොකද දන්නවද? ඒ ඉදිරිපත් කරල තියෙන මතය හරි කියල ඔප්පු කරන්න වෙහෙසෙන අයත් ඉන්න නිසා.
නිකමට හිතල බලන්න මේ පෘථිවියේ ඉන්න මිනිස්සු වෙනත් ග්‍රහලෝකයක ජීවත් වෙන්න යනව. න්‍යෂ්ථික යුද්ධයකින් පෘථිවිය විනාශ වෙනව.ඒ ලෝකෙට ගිය අයටත් මොන හරි සිද්ධියක් නිසා ගල් යුගයට යන්න වෙනව. ඉන්පස්සෙ පහු කාලෙක ඒ ලෝකෙ ඉන්න එකෙක් කියයි " මිනිසා වඳුරාගෙන් පැවත එයි" කියල. තව එකෙක් කියයි "ඌරාත් මේකට සම්බන්ධයි" කියල.

විශ්වය සීමාවක් මායිමක් නැති එකක්.උඹල පිටසක්වල ජීවින් ඉන්නව කියල විශ්වාස කරනවද? [උඹල කියල කිව්වෙ අපි හැමෝම අතර තියෙන බැදීම හිතේ තියෙන නිසයි]
පිටසක්වලක් ගැන කතා කලාට.....මට, මම අදහන මතයක් මම දැඩිව විශ්වාස කරන මතයක් තියෙනව මිනිසාගේ බිහිවීම ගැන. මිනිසාගේ පරිණාමය කිවුවම අනිවාර්යෙන්ම උපත ගැනත් කතා කරන්න වෙන නිසා. ඒ ගැන හිතන එක කතා කරන එක අත්හැරල දාල පරිණාමයක් ගැන කතා කරන්න බැරි නිසා.
පරිණාමවාදයේ කියන විදියට මිනිස්සු පැවතෙන්නෙ වඳුරගෙන්. ඇයි දැන් වඳුරො පරිණාමය නොවෙන්නෙ එතකොට?


උන් ඒක නවත්තලද? 
නැත්නම් මිනිසා බිහි කලේ අපි කියල උන් දන්න නිසාද?

No comments:
Post a Comment