
ඇත්තටම forex වලින් ගොඩ යන්න අවශ්‍ය උනත් අඳුරෙ අතපත ගගා ගොඩ යන්න ගිහින් ඇණගන්න අය වැඩි. ඒ මාත් ඇතුලුවමයි. මුල්ම කාලෙදි හොඳට ඇන්දුනා. අපෙ අය ගොඩාක් දක්ෂයිනෙ ඒ වැඩේට. තමන්ගෙ ref link එකෙන් acc එක හදාගෙන සල්ලිත් දැම්මට පස්සෙ තමන් ගොඩනෙ. ඒ ඇති කියල හිතන උන් ඉන්නව.
ඇත්තටම forex වලින් ගොඩ යන්න ඕනනම් මූළිකාංග ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒව ගැන ඕන තරම් අය ඕනවටත් වඩා කියල දීල තියෙනව මම දැකල තියෙනව. ඒ නිසා ආයෙ ආයෙම ඒ ගැන කිය කියා ඉන්න එකේ තේරුමක් නෑනෙ.
ඒ දේවල් වලින් සන්නද්ධ උනාට පස්සෙ අපිට තියෙන්නෙ forex කියන යුද්ධ භූමියට බැහැල සටන් කරන්න. සටනකට බහින්න කලින් මොනාද අපි කරන්න ඕන?
අන්න හරි. පළමුවෙන්ම අපි සටන් බිමේ තියෙන තත්වය ගැන අවබෝධයක් ලබාගන්න ඕන. හොඳයි forex වලදි ඒකට කියන්නෙ
1. වෙළඳපොල ආකෘතිය හඳුනා ගැනීම.
හොඳයි සටන් බිමේ තත්වය ගැන අවබෝධයක් ලබාගත්තට පස්සෙ අපි බලන්න ඕන මොකක්ද? අපිට ජයග්‍රහණයක් ලබන්නනම් කඩා වදින්න ඕන කොතනටද කියන එක. සටන් බිමේ සමහර තැන්වලට යන එක තේරුමක් නෑ. ඒක අපි forex වලදි ට්‍රේඩ් එකක් open කරන්න හදනව වගේම තමයි. සුදුසු තැන බලල ඒ හැරවුම් ලක්ෂ්‍යයට පහර දුන්නොත් තමයි අපේ පණත් බේරගෙන ජයක් ලබන්න පුලුවන් වෙන්නෙ. ඒක forex වලදි කියවෙන්නෙ කොහොමද?
2. හැරවුම් ලක්ෂ්‍යය හඳුනා ගැනීම.
හරි දැන් හැරවුම් ලක්ෂ්‍යයත් හඳුන ගත්තනෙ අපි. දැණ් මොකද කරන්නෙ? දැන් සංඥාව ලැබෙනතුරු ඉන්න වෙනවා. හොඳයි ඒක forex වලදි කියවෙන්නෙ කොහොමද බලමු.
3.සංඥාව ලැබෙනතුරු සිටීම.
හරි දැන් එතකොට ට්‍රේඩ් එකක් open කරන්න ඉස්සර වෙලා අපි මේ කාරණා තුනම ගැන සලකා බලන්න වෙනව. මොනවද ඒ?
1. වෙළඳපොල ආකෘතිය හඳුනා ගැනීම. [Identify market structure]
2. හැරවුම් ලක්ෂ්‍යය හඳුනා ගැනීම. [Identify turning point]
3. සංඥාව ලැබෙනතුරු සිටීම. [Trade signal]
1. වෙළඳපොල ආකෘතිය හඳුනා ගැනීම. [Identify market structure]
මුලින්ම බලමු මේ වෙළඳපොල ආකෘතිය හඳුනාගැනීම කියන්නෙ මොකක්ද කියල. අපි භාවිතා කරන චාට් එකේ සම්පුර්ණ චිත්‍රය අපි දැකගන්න එක තමයි ඒ. ඒකෙන් අපිට පුලුවන් මාකට් එකේ trend එක එහෙමත් නැතිනම් ප්‍රවණතාවය හඳුනාගන්න. සරළවම බැලුවොත් මේ වෙද්දි මාකට් එකේ දිශාව හඳුනාගන්න පුලුවන්කම ලැබෙනව. අලුතින් මාකට් එකට එන ගොඩාක් දෙනෙක් මේ දිශාව නිවැරදිව හඳුනගන්නෙ නෑ. හඳුනාගන්න දන්නෙත් නෑ.
මාකට් එකේ දිශාව සමහරු තීරණය කරන්නෙ ඉන්ඩිකේටර් එකට අනුව.ඒත් ඒක මොනතරම් දුරට හරිද වැරදිද කියල එහෙම කල අයට තේරුම් ගිහින් ඇති. ඉන්ඩිය අනුව අපි දාපු ට්‍රේඩ් ලොස්ට් උනු වාර ගණන මතකනම්.
පලවෙනිම කාරණේ තමයි මාකට් එකේ දිශාව අඳුනගන්නනම් අපි භාවිතා කරන්න ඕන දිගු වේලාවක් සහිත චාට්. ඒව අපි දන්නව. ඒ m1 w1 d1 චාට්. ඒවා අධ්‍යනය කලාම අපිට අනෙක් වේලාවන් සහිත චාට් ගැන වැඩි අවබෝධයක් ගන්න පුලුවන්. මේ වෙද්දි පේන්න තියෙන චිත්‍රයේ ස්වභාවය ගැන අවබෝධයක් තියෙන නිසාම.
හරි අපි දැන් බලමු මේ චාට්වල දිශාව අඳුන්ගන්න අපට උපකාරී වෙන්නෙ මොනවද කියල? බොහොම සරළව ගත්තොත් මෙතනදි අපට බලාගන්න වෙන්නෙ ක්‍රම 3ක් ගැන විතරයි.
1.ඉහළ යන වෙළඳපොල.[Bull Market]
2.පහල යන වෙළඳපොල [Bear Market]
3.සමාන්තර වෙළඳපොල.[Sideway/Ranging Market]
දැන් බලමු Bull Market එකක් ගැන.
1.ඉහළ යන වෙළඳපොල.[Bull Market]
මේ චාට් එක පොඩ්ඩක් බලමු.

මේක ඉහළට යන මාකට් එකක්නෙ. මෙතනදි වෙන්නෙ Higher highs & higher lows කියනදේ. දැන් මේ කතා කරන්නෙ Price Action ගැන. මෙතන රතු ඩොට් වලින් පෙන්නන්නෙ HH[Higher highs] කියන එක. එතකොට ලා නිල් පාටින් දාල තියෙන ඩොට් වලින් පෙන්නන්නෙ HL[higher lows].
2.පහල යන වෙළඳපොල [Bear Market]
මේකෙදි වෙන්නෙ ඉස්සරවෙලා දක්වල තිබ්බ දේවල් අනිත් පැත්තට හැරෙන එක. රතු පාට ඩොට් වලින් පෙන්නන්නෙ LH. ලා නිල් පාටින් පෙන්නන්නෙ LL. මේක පහල යන මාකට් එකක්නෙ. ඉතින් බොහෝ දෙනෙක් මේකෙදි කරන්නෙ SELL කරන එක තමයි. බලමු මේ චාට් එක.

3.සමාන්තර වෙළඳපොල.[Sideway/Ranging Market]
චාට් එක බලලම ඉමු. මොකද හිතෙන්නෙ. රේල් පීළි දෙකක් අතරෙ යනව වගෙයි නේද?

චාට් කියන ඒවා න්‍යායන් පමණක් බව අපි තේරුම් ගන්න ඕන. හේතුව මුදල් වෙළඳපොල ඊට අදාල වන ඕනෑම කරුණකට අධි සංවේදීවීමයි. න්‍යායයන් ඉගෙනගත්තට ඒවා ක්‍රියාත්මකවීමේදී බොහෝ වෙනස්කම් වෙන්න පුලුවන්. ඒ නිසා කිසිම චාට් එකක් ඔලුවෙ තියාගෙන ඒ විදියටම මේ මාකට් එක හැසිරෙයි කියල හිතල ට්‍රේඩ් කරන්න යන්නනම් එපා. හේතුව අපි මේ කතා කලේ ආකෘතිය ගැන පමණක් නිසා.
ඊලඟට අපි බලමු හැරවුම් ලක්ෂ්‍ය ගැන.
2. හැරවුම් ලක්ෂ්‍යය හඳුනා ගැනීම. [Identify turning point]
හරි අපි වෙළඳපොල ආකෘතීන් ගැන හොයල බැලුව. ඒ ගැන යම් අවබෝධයක් තියාගෙන දැන් බලමු මේ මිල වෙනස් වෙන්න පුලුවන් අවස්ථා මොනවද කියල. මේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනාගන්න මම භාවිතා කරන්නෙ බොහොම සරළ ක්‍රමයක්. ඒ තමයි support and resistant ක්‍රමය.



ඔහ්! මේකද මේ ක්‍රමේ?
ඔව් මචන්. මේක තමයි මිලේ වෙනස්වීම් නිවැරදිව හා තර්කානුකූලවම හඳුනාගන්න
තියෙන හොඳම විදිය හැටියට මම දකින්නෙ. හොඳයි එහෙමනම් අපි දැන් බලමුකො මේකෙන්
කොහොමද මේ කියනදේ කරන්නෙ කියල. 
ඉස්සරවෙලාම අපි මේ චාර්ට් එක බලල ඉමු.

මෙහෙම චාර්ට් එකක් සමහරවිට ඔබත් දැකල ඇති. ගොඩාක් වෙලාවට අපි Indi භාවිතා කරනව අපේ පහසුවට. ඒ වගේ ඉන්ඩියක් ඔබත් භාවිතා කලානම් මේ වගේ චාර්ට් එකක් ලැබෙන්න ඇති. මට මේ වගේ චාර්ට් එකක් ආව වෙලාවෙ ට්‍රේඩ් කරන එකත් එපා උනා.
ඔලුවෙ කැක්කුම හැදුනා ඒ දිහා බලන් ඉදල. කිසිම දෙයක් පැහැදිලි නෑ.
සරළ ආකාරයට අපිම මහන්සි වෙලා නිවැරදි හා වඩාත් පහසුවෙන් අවබෝධ වෙන විදියට හදාගමු. මේ චාර්ට් එක බලන්නකො. 
ඉස්සරවෙලා අපි බලපු චාර්ට් එකේ වගේ හැම Turning Point එකක්ම ඉළක්ක කරල නෑ. සරළයි. ඒ වගේම පැහැදිලියි. රතු පාටි Resist Line තියෙනව. කොළ පාටින්Sup Line තියෙනව. මේ Line අඳින්නෙ කොහොමද කියන එක මෙතනදි කියන්න යන්නෙ නෑ. ඒ ගැන ඕන තරම් සිංහලෙන් කියා ඩීල තියෙන ඒවා හොයාගන්න පුලුවන් නිසා.

හරි අපි වැඩේ දිගටම කරගෙන යමුකො නේද? දැන් අපි මේ චර්ට් එක බලමු.

මේකෙදි පේනව Sup Line එක Resist Line එකක් වෙන්න ඉඩ තියෙන අවස්ථාවක්. මේ වගේ වෙලාවක අපි Buy දානවද? නැත්නම් Sell දානවද? අපිට ඒ ගැන හරි තීරණයක් ගන්න අමාරුයි නේද?
ඔව්. ඒක තමයි ඇත්ත. සමහරවිට උඩට යන්නත් පුලුවන් නැත්නම් පහලට යන්නත් පුලුවන්.
ඉතින් මේ මිල ඉහළට හෝ පහලට ඇවිත් මොනා හරි ජරමරයක් කරනකම් අපිට පුලුවන් හොඳ කිරි තේ එකක් හරි කිරි කෝපි එකක් හරි ඇස් පියාගෙන සිතුවිලි අතරෙ කිමිදෙමින් ඉවර කරගන්න පුලුවන්.


මේ මිළ හැරවුම් ලක්ෂ්‍යයක් ලඟට එනකම් අපි ඉන්න ඕන කියල චාර්ට් එක දිහා බැලුවම ඔබට තේරුම් ගන්න පුලුවන්නම් ඒකෙන් කියවෙන්නෙ ඔබේ දැනුම හොඳ මට්ටමක තියෙනව කියලයි.


එහෙමනම් ඊළඟ කරුණට යමු අපි දැන්.
3. සංඥාව ලැබෙනතුරු සිටීම. [Trade signal]

මෙන්න අර චර්ට් එකේ support Line එක Resist Line එකක් වෙලා. Price Action වලදි LH[Lower High] කියන අවස්ථාවක් නිර්මාණය වෙමින් තියෙන්නෙ. support line එක කපාගේන ගියපු candle එක ආයෙ පහලට ඇවිත්. ඒක ඉවරවෙලා තියෙන්නෙ Bearish Pin එකක් විදියටයි. ඊලඟ candle එක එනකම් ඉවසල ඉඳල සෙල් එකක් දාන්න පුලුවන් අපි කැමති විදියකට SL[stop loss] TP[take profit] දාගන්නත් පුලුවන්. මේ සංඥාව candle pattern වලින් වගේම chart pattern වලිනුත් ගන්නව. මේ දීල තියෙන චාර්ට් එකේ TP එක කොහොමද කියල බලමුද?


ඕන්න මචන් සරළම ක්‍රමයක් කියල දුන්න. තියරිය දෙන්න ගොඩාක් ලේසියි ඒක කරන්න ගියාම ටිකක් අමාරුයි. ඒ නිසා කට්ටක් කාල හොඳ අවබෝධායකින් කලොත්ට් අනිවා ගොඩ යන්න පුලුවන්.
Indi වලට EA වලට වහල් වෙන්න එපා. ඒවාපස්සෙ දුව දුවා සල්ලි නාස්ති කරගන්න වෙලාවෙ මේක තමන් මහන්සි වෙලා කරල බලන්න. මහන්සි නොවී ලැබෙන කිසිම දියුණුවක් නෑ මචන්. candle pattern වගේම chart pattern ගැනත් හොඳ දැනුමක් ලබාගන්න. නිතරම මතකය දැනුම අලුත් කරගන්න. මේ අවස්ථා තුන හරියට ක්‍රියාත්මක කරන්න.
1. වෙළඳපොල ආකෘතිය හඳුනා ගැනීම. [Identify market structure]
2. හැරවුම් ලක්ෂ්‍යය හඳුනා ගැනීම. [Identify turning point]
3. සංඥාව ලැබෙනතුරු සිටීම. [Trade signal]
ජයෙන් ජයම වේවා!
No comments:
Post a Comment