නියමම පොතක්. මුල් හරිය බලද්දි කම්මැලි වගේ හිතුන මට.ඒත් කියවගෙන යද්දි ඉළ ඇදෙන්න හිනා උනා හොඳටම.සත්තුන්ගෙ කතාවක්.
1954 දකුනු ඇමරිකාවෙ ගිහින් සිද්ද උනු සිදුවීම්.මෙයාගෙ නෝනත් ගිහින්.එහෙ සත්තු අල්ලල සත්තු වත්තට ගේන්න ගිහින්.
සත්තු අල්ලන්න ගිය ගමන්වල කාපු කට්ට, ඒ ගමන්වලට ලැබුනු වාහන, සත්තු අල්ලද්දි උනු දේවල් උන් කූඩුවෙ ඉද්දි කල දේවල් වගේම ඒ සත්තු එයාලට කල වෙදකම් බැරි මරගාතෙ වෙනස් කරගත්තු හැටි.
සත්තුන්ගෙ චර්යාවන් ගැන විතරක් නෙමී මිනිස් ගති පැවතුම් අදහස් උදහස් ගැනත්
බොහොම සියුම්ව දක්වල තියෙන පොතක් කියලයි මටනම් දැනුනෙ.කියවලම බලන්නකෝ
එහෙනම්.............

No comments:
Post a Comment