[07] ආරක්ෂාව.........


පණනල තියෙන හැම කෙනෙක්ම හිතන දෙයක් තමයි මේ ආරක්ෂාව. සීරීමක් උනත් හොයන්නෙ බලන්නෙ ඒ නිසයි. මොනදේ කරන්න ගියත් බොහෝම සැළකිලිමත් වෙන්නෙත් ඒ නිසයිනෙ නේද? පුද්ගලයගෙ ආරක්ෂාව පවුලේ ආරක්ෂාව වෙනව. පවුලෙ අයගෙ ආරක්ෂාව?.......... ඒක සමාජයේ ආරක්ෂාවට හේතුවක් වෙන්නෙ නිතැතින්මයි. සමාජයේ ආරක්ෂාව රටේ යහපතටත් හේතුවක් වෙනව. 
                  අද ඇයි මේ ආරක්ෂාව ගැන කතා කරන්න හිතුනෙ?.........පොඩි උන් ගැන හිතද්දි මට හිතුන මේ ගැන හිතෙනදේ හැමෝටම කියන්න. හරි මොකක්ද දැන් පොඩි උන් ගැන කියන්න තියෙන්නෙ?
 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCBFKalax6ZnXPsr1s-6jWxM6bNyY4htTjvTRLXBu0_U-4gPBCMk_VlGIrX5r53gv2YVPMrIfRfvuVm8rOxBZgxzsWs0gFCSqmOoItiRf63e4TfdwXBuCUlvhH1493-wOxYjNKESKguBA/s1600/baby-shots-5.jpg  http://img.wallpapergang.com/21processed/child%20smile%20mood.jpg 
                  පොඩිත්තො චුට්ට චුට්ට ලොකු වෙද්දි තමයි හිතට ටික ටික සැනසීම දැනෙන්නෙ. ඒ සැනසීම තමන්ට තමන්ගෙ ආරක්ෂාව සලසාගන්න පුලුවන්වීම ගැන තියෙන තාවකාලික දෙයක්. පුංචි අතපය හොළවද්දි මුනින් අතට පෙරලෙද්දි බඩගාද්දි දණගාද්දි වැටි වැටි නැගිටල සිනිදු පාපෙති බිම තියල ඇවිදින්න යද්දිත් අපි පොඩිත්තො පස්සෙන්මයි. ඇවිදින්න ගත්තට පස්සෙ ඒ රැකවරණය ඉවරද? නෑනෙ නේද?
                  අහන්න දකින්න කියවන්න ලැබෙන දේවල් නිසාම පොඩි උන් ගැන හැමදාමත් අපේ හිත්වල තියෙන්නෙ ගින්දරක්. නොදරුව කාලෙ සතා සිවුපාවගෙන් ආරක්ෂා කරගත්තෙ අපේ මීමුත්තලගෙ කාලෙනෙ. දැන් මාස ගණන් වෙන පොඩි පැටිත්තොත් පැටික්කියොත් බේරගන්න වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගෙන්මයි.
                  නොදන්නාකමට මොනදේ කරන්න හැදුවත් ඒ කරන්න හදනදේ ගැන දන්න අය විදියට අපි එයින් වෙන විපාක ගැන හිතල බලල තමයි කරන්න දෙන්නෙ. එහෙම නැතුව අඬන එකේ ඉවරයක් නෑ කියල ඒ දේ කරන්න දීල මොනා හරි උනොත්? කටක් ඇරල කියන්න පුළුවන්ද අඬන නිසා ඒ දේ කරන්න දුන්න කියල? ජීවිතෙන් වන්දි ගෙවන සමහර දේවල් ගත්තම ඒ දේවල් වෙන්නෙ ලොකු අයගෙ නොසැළකිල්ල නිසාමයි කියලයි මම කියන්නෙ. ඒ වගෙම එහෙම දේකින් මොනයම් හෝ ආබාධයක් උනොත්? පහු කාලෙක පොඩි උන් දොස් කියන්නෙත් අපටම බව අමතක කරන්න එපා.
                  විවිධ හේතු නිසාම ළමයි ගැන හොයල බලන්නත් වෙලාවක් නැතිවෙන්න පුලුවන් තමයි. ආර්ථිකේ ගැටගහගන්න වෙර දැරීම, ළමයි ගැන හොයන්න ඇත්තටම උවමනාවක් ඕන කමක් නැතිවීම මීට හේතුවක්. මොන විදියෙන් ඒ දේ සිද්ද උනත් වෙන්නෙ ළමයා හා අපි අතර දැඩි හිඩැසක් නිර්මාණයවීම පමණයි. ඒ හිඩැස නැති කරගන්න පොඩි උන් යොදාගන්නෙ මොනවද? කම්පියුටර්, වීඩියෝ ගේම්, ටීවී, ෆේස්බුක් ආදී වූ එකී මෙකී නොකී හැමදේම. රැවටීම්වලට වැඩියෙන්ම ගොදුරු වෙන්නෙත් එහෙම ළමයි. අම්මාගෙන් තාත්තගෙන් නැති ආදරේ පිටස්තරයෙක්ගෙන් බලාපොරොත්තු උනාම...................?
                  අපි හැමෝගෙම සුන්දර පැතුම පොඩිත්තො හොඳින් හදාගන්න එක. අනතුරක් කරදරයක් නොවී ලොකු මහත් වෙන එක. හොඳ පුරවැසියෙක් වෙන එක. හැමදාමත් අපිට අපේ බටුගෙඩි ටික පේන්නෙ පොඩියට. කොච්චර කරදඬු උස් මහත් උනත් එදා හිටි පොඩි එකාමයි අදත් කියලම හිතෙයි. 
                  කොහොමින් කොහොම හරි අපේ පිනත් කුසලත් වගේම උන් ගෙනා පින් හා කුසල්තුත් එකතුවෙලා යන්න පුළුවන් උපරිම ගිහින් ජීවිතේ දිනාගන්න ඉඩක් ලැබේවා! කියල අපි ප්‍රාර්ථනා කරමු.


  http://us.123rf.com/400wm/400/400/bowie15/bowie151004/bowie15100400038/6818477-child-standing-on-a-road.jpg



No comments:

Post a Comment