[03] 5 ශිෂ්‍යත්වය

ශිෂ්‍යත්වෙ 2015න් පස්සෙ නෑ කිවුවම දැනුනෙ පුදුමාකාර සතුටක්. මාර හිතේ කරදරෙන් හිටියෙ හැම මොහොතකම මේ මඟුල නිසාම. ගමේ ගොඩේ හැම කොල්ලයි කෙල්ලයිම මේ තියෙන ස්කෝලවලට දැම්මම උන් තමයි හැම එකෙන්ම කප් එක ගහන්නෙ. වැඩිය ඕන නෑ අහවල් දේකට මේ හිඟන්නො මේවට ගන්නවද?
                    ඕන්න.........ශිෂ්‍යත්වෙ ඉවර කරනව කිවුවම ඒකට කැමති කෙනා හිතන විදිය මට හිතෙන විදියට දැම්ම.එක පාරකුත් ඕක කරන්න හැදුව. හරි ගියේ නෑනෙ. දැන් ආයෙම. ඇයි මේ තරමට මේ මිනිස්සු බය.ඉහත කිවූ හේතු වලට තවත් දාහක් දේ එකතු කරගත්තම හේතු ගොඩයි.
                     කොහොම උනත් බන්දුල ඇමතිතුමා දරන මේ උත්සාහය නිසාම මේ ශිෂ්‍යත්වෙ අල ගිය මුල ගිය තැන් දැනගන්න වාසනාව පෑදුනා. ඒ ගැන ඒ ඇමතිතුමාට ස්තුතිය පුද කරන ගමන්ම ඒ වැඩේ හරි ගියොත් විඳවන්න වෙන හිතේ ගින්දර ගැන දැන්මම කණගාටුවත් ප්‍රකාශ කරලම තියනව.[ආයෙ මොකටද පස්සෙ ශෝකය දක්වන්නෙ?]
                          1943දි අපි හැමෝම දන්න නිදහස් අධ්‍යානයේ පියා ලෙස හඳුන්වන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහත්තයා තමයි මේකට පුරෝගාමීවෙලා තියෙන්නෙ. මධ්‍ය මහා විද්‍යාල වලට ගත්තෙත් මේ විභාගෙන්ම තමයි.ඒ ස්කෝල 53ටම ගත්තු ඒ ළමයින්ට නේවාසික පහසුකම් දුන්න වගෙම කොට්ට උරේ, සබන් කැටේ ඉදලම ලැබිලත් තියෙනව.
                    ජනප්‍රිය පාසල්වලට ළමයි ගන්න විභාගයක් වෙනනම තිබ්බ 1971දී. ඉන්පස්සෙ ඒ දෙකම එකම විභාගයක් බවට පත් උනේ 1973දි. එහෙව් හොඳ දෙයක් තමයි මේ නැති කරල දාන්න දත මදින්නෙ.
                    කටට එන හැමදේම පිට කරන එක තමන්ටමනෙ හොඳ නැත්තෙ. ඒත්.... තියෙන හිතේ අමාරු එළියට පනින වෙලාවලුත් තියෙනවනෙ නේද? නින්දෙදි කියවෙන්න පුලුවන් වගේම ටිකක් වැඩිවෙන්න ගත්තම, ඒ කිවුවෙ මඳ පමනින් එහාට ගියාමත් කියවෙන්න ඉඩ තියෙනව.
                    මේදේට මටනම් කරන්න පුලුවන් වෙන්නෙ මහ පාරෙ කෑගහන්න එන්න තමයි. මොන විදියකින් හරි ශිෂ්‍යත්වෙ අහෝසි කලොත් ආයෙ මැරෙනකම්ම මගෙ ජන්දෙනම් මෙයාලට ලැබෙන්නෙ නෑ.තව කී දෙනෙක් මේ විදියටම හිතනවද කියන්න මම දන්නෙත් නෑ.

No comments:

Post a Comment