සිංහයා සිංහලයාගේ අනන්‍යතාවයයි. අද ඒ එඩිතර සිංහයා නැට්ට හංගාගෙනද?............. නැත. බලු හිවලුන්ට කෑ ගසන්නට ඉඩ දී වේලාව පැමිණෙනතුරු බලා හිදී.ඒ මන්ද යත්.සිංහ ගර්ජනාව ඇසුනු කල උන් හිටිවනම පහ කරගන්නා හෙයිනි.
[10] නිවාසාන්තර ක්‍රීඩා.
මේ වාරෙ ගොඩාක් ස්කෝලවල නිවසාන්තර තරඟනෙ නේද? තිබ්බ ඒව තියල ඉවරයි. චක්‍රලේඛවලටම වැඩ කරන රටක් නිසා කිවුව දිනේදිම ක්‍රීඩා තරඟ ඉවරත් කරල ඉවරයි දැන්. ටිකක් හරි අත පය දිග ඇරල දුවන්න පනින්න තියෙන මේ කාලෙ තමයි කොල්ලො කුරුට්ටොන්ට ඇගේ පතේ හිරි ඇරගන්න තියෙන හොඳම කාලෙත් වෙන්නෙ.
අද ඒ පහුගිය කාලෙ මතක් වෙන්නත් එක්කම ලියන්න හිතුන මේ නිවාසාන්තර ක්‍රීඩා ගැන. ළමයින්ට දුවන්න පනින්න තියෙන මේ කාලෙ ළමයි එක්කම දුවන පනින ගුරුවරුත් ඉන්නව. ඒක ළමයින්ටත් හොඳ උත්තේජකයක්. ඒත් සමහර වෙලාවලදි ඒක වදයකුත් වෙනව. ඒ ගැන කතා කරමුකො හෙමින් සැරේ. කොහොමින් කොහොම හරි මේ ක්‍රීඩා උළෙල ළමයින්ට තරඟ ගැන ඒවයෙ නීති ගැන සංවිධානය කටයුතු කිරීම ගැන වගේම සමස්ථ ක්‍රියාවලිය ගැනම හොඳ අවබෝධයක් ලබාදෙන්න පුලුවන් අවස්ථාවක් විදියටයි මම දකින්නෙ.
ස්කෝලෙ කියන්නෙ හරිම පොඩි තැනක්නෙ. ඉතින් ඔය වගේ ක්‍රීඩා උළෙලක් කරන එකත් මහ ලොකු දෙයක්ද කියල හිතෙන්නත් පුලුවන්. තැන පොඩි උනාට කරන්න තියෙන වැඩ ටික කරල ඉවරවෙනකම්ම ඉස්පාසුවක්නම් නෑ. ළමයි බෙදල ගුරුවරු බෙදල දුන්නත් සමහරුන්ට හිතට මදි. බෙදපු විදිය ගැන විවේචනය කිරීමෙන් තමයි ක්‍රීඩාව ආරම්භ වෙන්නෙ.
පරාජය මුල ඉදලම භාරගත්තු අය තමයි ඒ බෙදීම් ගැන විළාප ගහ ගහ ඉන්නෙ. නිතරම සෘණ සිතුවිලිම තියෙන අය තමයි මේකට මූලිකත්වය ගන්නෙ. අනිත් කොට්ඨාශය වැඩ බැරි දාසල. ඊළඟට පුහුණුවීම්. වෙලාව බෙදල දුන්නත් කන්කෙදිරිගාගෙන එනකම්ම ඉන්නව අනිත් අයට අවස්ථාව නොදී. කණ්ඩායම් තරඟ ක්‍රීඩා පිටි ගහන එකටනම් මහ වෙලාවක් යන්නෙම නෑ. නෙට්බෝල් එකට තමයි චුට්ටක් වැඩියෙන් වෙලාව යන්නෙ.
කොහොම හරි විනිශ්චය මණ්ඩලයත් වෙනත් පාසල්වල සහෝදර සහෝදරියන්ගෙන්ම සම්පූර්ණ කරගෙන වැඩේ පටන් ගත්තම තමයි ඉතුරු කථා ටික එළියට බහින්නෙ. හොඳමදේ තමයි නීති දන්න අයත් ඒවයෙන් රිංගන්න හදන එක. මාර්ග ධාවන තරඟයෙන් පටන් ගත්ත ගමන්ම චෝදනා මතුවෙන්න ගත්තෙ මෙරු මතුවෙන්න වගේ. අර ළමයට උදව් කලා. මෙයා බයිසිකලේ අල්ලන් දිව්ව. මේ ළමයි දෙන්නම අත් අල්ලන් දිව්ව. ඔය වගේ එක එක කථා ගොඩයි. ඒ අස්සෙ ළමයෙක් ස්පිරිතාලෙ. පපුව රිදෙනව කිවුවලු. හොඳ වෙලාවට වේලාසනින්ම ශාරීරික යෝග්‍යතා සහතික ගන්නෙ. ඒ නිසා ඒ වගේ වෙලාවට අපේ පපුව රිදෙන එක අඩුවෙනවා.
එකම නිවාසෙ ළමයි දෙන්නෙක් අත් අල්ලන් දිව්වම තියෙන වැරැද්ද මොකක්ද? ඕන්න අහපු ප්‍රස්නෙ. කිසිම තැනක බුරුලක් දෙන්න නෙමිනෙ මේක පටන්ගත්තෙ. මූලිකමදේ නීති මොනවද කියල ළමයින්ට අවබෝධයක් ලබාදෙන එකනෙ ඒද? ඒ නිසා ඒ රිංගන්න හදාපු හිල් ඒ අයම ඔබල වහල දැම්ම.
විනිශ්චය මණ්ඩලයේ අය ලඟින්ම ඉදන් කච බච ගාන එකත් නවත්තන්න උනා. විශේෂයෙන්ම නෙට්බෝල් තරඟවලදි. අනිත් කාරනේ ඒ ඒ ක්‍රීඩාවේදි ඒ ක්‍රීඩාවට උචිත ඇඳුමෙන් සැරසී සිටීම. ඒ නිසාම ස්කෝලෙට අඳින සුදු ගවුම උඩින්ම ටීෂර්ට් ඇඳල ආව දෙතුන්දෙනෙක්ට ආයෙම හැරිල දුවන්නත් උනා. මොනතරම් දැනුවත් කලත් රිංගන්නම හදන ගුරුවරුන්ගෙන්ම තමයි වැඩිපුරම කරදරේ.
තරඟ අයදුම්පත්‍ර නිසි වෙලාවට භාරදීමනම් ලංකාවෙ කිසිම තරඟාවලියකදිවත් වෙන්නෙ නැතුව ඇති. ඉතින් මේකෙදිත් වෙනසක් නෑ. තරඟ පටන්ගන්න ඔන්න මෙන්න තියෙද්දිත් අයදුම්පත්‍ර නෑ. ඉතින් තරඟ කරන්න දෙන්නෙ නෑ කිවුව ගමන් නම් ටිකක් ලියාගෙන එනව. ඒවයෙ නිවාසෙ නම බාලකද බාලිකාද කියල වගේම ක්‍රීඩාවෙ නම ලියන්නත් ඕන අපිම තමයි.
මළල ක්‍රීඩා පටන්ගත්තම තමයි හොඳම සෙල්ලම තියෙන්නෙ. මාර්ග ධාවනෙදි වගෙම පස්සෙන් දුවන්න ගන්නව. දුවන ළමයින්ට, විනිශ්චය මණ්ඩලයට වගේමයි නරඹන්නන්ටත් හරිම කරදරේ. ධාවන පථයෙ මංතීරු සේරම පහුකරල පළවෙනිම එකෙත් ඉන්නව. තමන්ගෙ ළමය එද්දි මැද්දට පනිනව. සාධාරණ තරඟය කියන දේ අහලවත් නැති මිනිස්සුනේ කියල හිතල ඉන්න තමයි වෙන්නෙ. අන්තිම දවසෙ කෑ ගහගෙන දුව දුව ඉන්නත් බැරි නිසාම එහෙම ඉන්න තමයි වෙන්නෙ.
සමහරු උදව් කරන්නෙ තමන්ට වාසියක් තියේනම් විතරයි. ඒ කිව්වෙ රුපියලක් හරි සාක්කුවට වැටෙනවනම් විතරයි. උදව් කරන අයට වඩා ඉන්නෙ කකුලෙන් අදින අය. දිය යටින් ගින්දර ගෙනියන අය. ඒ නිසාම ගොඩාක් අත්දැකීම්තුත් ලැබෙනව.
කොහොමින් හරි ක්‍රීඩා උළෙල ඉවර උනේ ආපු ආරාධිත අමුත්තො හොඳම පස්ස තෝරල ඉවර උනාම තමයි.
Subscribe to:
Posts (Atom)

No comments:
Post a Comment