
2013 වර්ෂයත් ගෙවිල ගියා. දන්නෙම නෑ. දැන් 2014ත් ආරම්භ වුනා. මේ ආරම්භයත් එක්ක පහුගිය ජීවිතේ ගැන සිහියට ආවෙ නිතැතින්ම වගේ. 2013 නෙමී ඊට ඉස්සරවෙලා ඉදලම ගත කල කාලය ගත්තම මම කියන කෙනා කල කී දේවල් මොනාද කියල මට හිතුනෙ. ස්කෝලෙ ගිය කාලෙ තිබ්බ ඉළක්ක, හීන හුළගෙ ගහගෙන ගිහින්. කරන්න තිබ්බ දේවල් අත්හැරල දාල තිබුනෙ කිසිම වැඩකට නැති හේතු නිසා කියල දැනුන. කල කී දේවලුත් ඊට වඩා හොඳට කරන්න තිබ්බ නේද කියල දැන් හිතෙනව.
බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ පමනට වඩා දේවල් ගැන ආශාවන් ඇති කරගන්න එපා කියල. ඒත්..... එයින් අදහස් වෙන්නෙ කරන්න පුලුවන්දේත් නොකර ඉන්න කියන එක නෙමිනෙ. අසීමිත ආශාවන් පස්සෙ දුවන්න එපා කියලනෙ ඒකෙ අදහස.
ඉතින් දැන්, ඒ කියන්නෙ මේ අවුරුද්දෙ ඉදලවත් මගෙන් අත්හැරුනු, අතරමගදි කඩාකප්පල් උනු ඒ හැමදේම ආයෙ පටන් ගන්න හිතුව. අනිත් අය වෙනුවෙන් කරන හැම හොඳ දෙයකින්ම මට වගේම පවුලෙ හැම දෙනාටමත් යහපතක් වෙන එකනෙ වෙන්නෙ නේද? ඉතින් ඒ හැමදේම පටන් ගන්නව. මොන තරම් දුෂ්කර උනත් බාධක ආවත් ඒ හැමදේම පැත්තකට කරගෙන ගමන යනව.
ඒ වගේමයි මට මේ ලැබුනු ජීවිතේ කවද හරි නැතිවෙලා යන බවත් මම දන්නව. ඒ ගැන හිතද්දිත් ඇයි මේ තරම් නැහෙන්නෙ කියල හිතෙනව. මොනදේ කලත් කිවුවත් අවසානෙට ගෙනියන දෙයක් නෑ නේද? නූල් පොටක්වත් නැතිව ආව අපි සුදු ඇදගෙන යනව. එච්චරයිනෙ වෙනස නේද?
ඒත්.......... අවසන් සුසුමෙන් පස්සෙ අපි යන්නෙ කොහේද? අපිට වෙන්නෙ මොනාද කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? නෑනෙ නේද? ඇස් දෙක පියාගෙන මොහොතකට හිතල බලන්න අපිට මොකද වෙන්නෙ කියල? හරිම හිස් බවක් දැනෙයි. ඒත්.....ඒ හිස් බව ඇතුලෙ තියෙන්නෙ ලොකූ කථාවක් බවත් තේරුම් යයි.
මේ වගේ රටක සිංහලයෙක් වෙලා ඉපදිල, බෞද්ධයෙක් වෙන්නත් වාසනාව තිබ්බ අපි ජීවිතේ හොඳින් තේරුම් ගමු. අපි කරන රාජකාරිය හරියාකාරව කරමු. ඒ සීමාවෙදි කාටවත් දුකක් කරදරයක් නොවෙන්න ඉඩ දෙමු. හැබැයි කෙනෙකුගෙ යහපත වෙනුවෙන් දුකක් දෙන්න උනාට කමක් නෑ. ඒක මගේ අදහස.
ජීවිතේ කියනදේ අවසානයටම ගියාට පස්සෙ තමන් කලේ මොනාද කියල හිතල දුක්වෙන්න අවස්ථාවක් දෙන්න එපා. එහෙම උනාම දැනෙන්නෙ හරිම හිස් බවක් විතරයි. මම කරගෙන ආව වැඩ පිළිවෙල අවුරුදු 3කින් ආපස්සට ගිහින්. විවිධාකාර හේතූන් නිසා. වළක්වාගන්න තිබ්බ දේවලුත් එක්කම.දැනට තියෙන කිසිම බාධකයක් මම ගනන් ගන්නෙ නෑ කියල හිතාගත්ත මේ අවුරුද්දෙදි. ඉතින් අවසානෙදි ඔබට කියන්න තියෙන්නෙ මේ දේ විතරයි.
"කල හොඳ නරක මිස කිසිවක් ඉතිරි නොවේ."
No comments:
Post a Comment