විදුලිය කිවුවම එක එක ජාතියෙ එළි තියෙනවනෙ නේද? අකුණු
ගැසීම්, කරන්ට් වැදීම්, බඩු මිල ඉහල යෑම් වගේ...........ඉතින් මේ හැම
එළියක්ම සාමාන්‍ය ජන ජීවිතයට ගොඩාක් බලපෑම් කරන ඒව තමයි.අද කතා කරන්න
හිතුනෙ විදුලිය ලබා දෙන්න තියෙන බලාගාර ගැන හිතෙන දේ.
ඇයි මේ හදාපු ඒවත් මේ තරම්ම කඩාගෙන වැටෙන්නෙ. දවස් ගනන් ගිහින් හරි හදනව. හැබැයි හදන පමාවෙන් කැඩෙනව. නොරොච්චෝලෙ චොර වෙලා තියෙන්නෙ.සේරම අටමගලවල් දවසයි දෙකයි බිමටම හාන්සි වෙනව. මොකක්ද මේ වෙන්නෙ? එහෙමත් නැත්නම් වෙලා තියෙන්නෙ?
දැන් තමයි නියමම කතාව. මේ රටේ පෞද්ගලික විදුලි බලාගාර තියෙන බව දන්න අය වගේම නොදන්න අයත් ඇති. කොහොම උනත් එහෙම ඒව තියෙනව. විවිධාකාර නම්වලින් ඒව රටේ ඉන්න අහිංසක මිනිස්සු වෙනුවෙන් පවත්වාගෙන යනව. මේ බලාගාරවලට ආදායමක් එන්නනම් මොකක්ද වෙන්න ඕන. මේ රටේ විදුලි පද්ධතිය කඩාගෙනම වැටෙන්න ඕනනෙ නේද? හරි එහෙමනම් දැනුත් පෙරත් ඒ දේ සිදුවුනා සිදුවෙමින් පවතිනව. එහෙමනෙ නේද? ඉතින් අනාගතේදිත් මේ අමුතු මැජික් එක දිගින් දිගටම ඉෂ්ඨ සිද්ධවෙයි. ඇයි ඒ..........?
අපේ අහිංසක මිනිස්සු අම්ම මුත්ත නැතිවෙන්න බනින්නෙ ඒවයෙ වැඩ කරන තමන් වගෙම
අහිංසක මිනිස්සුන්ට කියල තේරෙන්නෙ නෑ.මොකද ලොකු ලොක්කො සේරම වරද පටවන්නෙ ඒ
මිනිස්සුන්ගෙ නොහැකියාව නිසා මෙහෙම උනා කියලනෙ. ඉතින් එහෙම කුණු බැණුම් අහ
අහ පැත්තක ඉන්න තමන්ගෙ අහිංසක දෙමව්පියන්ව අමතගන්නෙ මොකටද කියල හිතන අවංක
මිනිස්සු ඒවගෙ තැන්වලින් එළියට බැහැල යන්න යනව. අන්තිමට ඒවයෙ ඉතුරුවෙන්නෙ................?
සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට ඉතාමත් ඉක්මනින් ඒ සංවර්ධනයේ හිණිපෙත්තට
නගින්නනම් මෙහෙම දේවල් නොකර බෑ කියන එක මටත් තේරෙනව. රටම සුරපුරයක් කරන්න
වෙහෙසෙන වෙහෙසීම දැක්කම ජාති ජාතිත් ලබන්න ඕන කියල හිතෙනවත් ඇති.අනේ අපි
වගේ අසරණයෝ කියලත් හිතෙනවද? නෑ එහෙම හිතන්න එපා. අපි අසරණ නෑ කවදාවත්ම.
අසරණ වෙන්නෙ ඔය පජාත වැඩ කරන අයම තමයි. ඒ අසරණකම අපිට දැකගන්න ලැබෙන
වෙලාවලුත් තියෙනව නොලැබෙන වෙලාවලුත් තියෙනව. ඒකයි වෙනස.ඇයි මම එහෙම කියන්නෙ?
"කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා අපි පසු පස්සේ......"
No comments:
Post a Comment