මගේකම කියල තියෙනව දැක්කමත් හිතෙන්නෙ මහා පටු අදහස් තියෙන
කෙනෙක් කියල වගෙයි. එහෙම නේද? ඔව් එහෙම තමයි කියල ගොඩාක් දෙනෙක් උත්තර දෙන
බව මාත් දන්නව. ඇයි එහෙනම් අද මේ මගේකම ගැන ලියන්න හිතුනෙ මට?
මට මගේකම නැත්නම් කොහොමද අපේකමක් ගැන දැනෙන්නෙ? ටිකක් හිතල බලන්න. කතාව
ඇත්ත තමයි කියල හිතෙනවද? නැත්නම් එහෙම හිතෙන්නෙවත් දැනෙන්නෙවත් නැද්ද?
එහෙමනම් මම මේ කියන දේවල් කියවල බලන්නකො දැන්.
තමන්ගෙකම කියනදේ ඒ කියන්නෙ තමන්ට කියල දැක්මක් ආකල්පයක් කෙටියෙන්ම
කියනවානම් තමන්ගෙම ජීවන රටාවක් නැති කෙනා ලග අනිත් අයගෙන් වෙනස් බවක්
පේන්නෙ නෑ. තමන්ගෙ කමක් තියෙන කෙනා ලග අපේකම කියනදේ අනිවර්යෙන්ම තියෙනව.
උදාහරණයක් විදියට ගත්තොත් තමන්ගෙ පවුලෙ අය ගැන හැඟීමක් නැතිකෙනා කොහොමද ඒ
අයවත් අරගෙන තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්නෙ? ගෙදර අයගෙ සහයෝගය නැතිව, ඒ අයට
උදව් නොකර කොහොමද සාර්ථක මිනිහෙක් වෙන්නෙ? කොහොමවත් බෑ. එහෙම නේද?
සිදුහත් කුමාරය බුදුවුනාට පස්සෙයි අනිත් මිනිස්සුන්ටත් ඒ නිවනට යන මාර්ගය
පෙන්නල දුන්නෙ. එතෙන්දි සිදු උනුදේ මෙතනට ගැලපෙන්නෙ කොහොමද? ඒකෙ ගැලපීම
වෙන්නෙ තමන්ගෙ පවුලෙ අය එක්ක එකතුවක් බැදීමක් තියෙන කෙනා තමයි සාර්ථක
වෙන්නෙ. අනිත් අයට උදව් කරන්නනම් ඊට ඉස්සරවෙලා තමන්ගෙ පවුලෙ අයට කරන්න
පුලුවන්දේ කරල ඉන්න ඕන.එතකොට තමන් කරන කියන දේවල් වලට ඒ අයගෙ සහයෝගය
නිතැතින්ම ලැබෙනව.
ඒ වගේමයි තමන්ගෙ රට ජාතිය ආගම සංස්කෘතිය
කියනදේ ගැනත් හැගීමක් තියෙන්න ඕන. එහෙම නැති උනු අය තමයි ඒ ගැන කතා කරන අය
අන්තවාදියො ජාතිවාදියො ආගම් භේද වපුරන අය හැටියට හඳුන්වන්නෙ. අනිත් ජාතින්
තමන් ගැන හිතල වැඩ කරන එක හොඳ වෙන්නත් සිංහළය එහෙම කලාම හොඳ නැති වෙන්නත්
හේතුව මොකක්ද?
අවසාන වශයෙන් මම දකින්නෙ තමන්ට තමන්ගෙ
පවුලෙ අයට ආදරයක් සමීප බවක් සුහදත්වයක් තිබිය යුතුයි මුලින්ම. තමන්ගෙ එකා
හෙලා දැකල අනිත් මිනිහගෙ පැත්ත ගන්නෙ හරි වැරැද්ද ගැන අඹමල් රේණුවක්
තරම්වත් නොහිතන අය. එහෙම අය එක්ක ජීවිතේ ගොඩගන්න අමාරුයි. ඒ නිසා එක්වෙන්න
සතුටින් සහයෝගයෙන් ජීවත් වෙන්න. තමන්ගෙ නැගී සිටීම පවුලෙ අයගෙත් නැගිටීම
කරගන්න. ඒක නිතැතින්ම රට ජාතිය කියන තැනටත් ගැලපෙනව.

No comments:
Post a Comment